මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    කියුබානු තානාපති,ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය රාජ්‍ය ඇමැති හමුවෙයි

    දෙසැම්බර් 16, 2020

    කියුබානු තානාපති ජුවානා එලේනා රාමෝස් රොඩ්රිගස් මහත්මිය (Juana Elena Ramos Rodriguez) හා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර සුහද හමුවක් (15) දින සිය අමාත්‍යාංශයේදී සිදු විය.


    මෙම හමුව මඟින් මෙතෙක් කල් ශ්‍රි ලංකාව හා කියුබානු රජය අතර පැවැති දීර්ගකාලීන මිත්‍රත්වය තවදුරටත් මෙම හමුවේදී වැඩිදියුණු වන බව තානාපතිණිය විසින් පවසන ලදී. ශ්‍රි ලංකාව ඖෂධ නිෂ්පාදනය අතින් ලබමින් තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් තමා ඉතාමත් සතුටට පත්වන බවත්, ඒ සඳහා රටක් ලෙස කළ හැකි සෑම උපකාරයක්ම නොපිරිහෙලා ඉටු කර දීමට සිය කැමැත්ත පල කරන ලදී.

    ලෝකය මුහුණ පා තිබෙන අයහපත් සෞඛ්‍ය හමුවේ මුහුණ දෙන ගැටළු සඳහා අප රජය උදව් කළ හැකි සෑම අවස්ථාවකම උදව් කිරීමටත් ඖෂධ නිෂ්පාදනයේදී අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා මඟ පෙන්වීම් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ප්‍රකාශ කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya