මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන ඇමැති බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයක

    දෙසැම්බර් 16, 2020

    බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක් වූ අතර, එහි දී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් සමඟ සුහද සාකච්ඡාවකට ද එක්විය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාවට නැංවෙන BCI හරිත විශ්වවිද්‍යාලයේ මෘදුකාංග සංවර්ධනය, වෙබ් වැඩසටහන් නිර්මාණකරණය,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පාඨමාලා රැසක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව පවතින අතර, දැනට පවතින උපාධි පාඨමාලාවලට අමතර ව රටේ ආර්ථික සංවර්ධනයට සෘජුව දායක වන නව උපාධි පාඨමාලා හඳුන්වාදීමට ඉදිරියේ දී පියවර ගත යුතු බව මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    BCI හරිත විශ්වවිද්‍යාලය සූර්ය බල විදුලියෙන් ක්‍රියාත්මක වන සමස්ත විශ්වවිද්‍යාල පරිශ්‍රය ම පරිසර හිතකාමී අයුරින් සකස් කොට ඇති විශ්වවිද්‍යාලයකි. නව රැකියා වෙළඳපොළ හා බොහෝ අධ්‍යාපන පාඨමාලා අතර පවතින නොගැළපීම ඉවත් කළ යුතු බව ද, සිසුන්ගේ අනාගත වෘත්තීය අවස්ථා සමඟ බද්ධ වන අයුරින් හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සමඟ ගැළපෙන අයුරින් උපාධි පාඨමාලා නවීකරණය වීම යුගයේ අවශ්‍යතාවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya