ඒ අනූව ඒම ප්‍රතිකාරයන්හි සාර්ථකත්වය සොයාබැලීම සදහා ඖෂධ, ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත සහ කොවිඩ් මර්දන දේශීය වෛද්‍ය ජාතික කමිටුව වෙත යොමු කර තිබේ. තවද මෙවැනි කොවිඩ් මර්දන ඖෂධ 35කට ආසන්න ප්‍රමාණයක් අදාල පර්යේෂණ කටයුතු සදහා ඒම ආයතන වෙත යොමුකර තිබේ. ආයුර්වේද වෛද්‍ය ඒච්.ඩී.පී දර්ශනී මහත්මියගේ කොවිඩ් ප්‍රතිජීවක ඖෂධය නිරෝධායන මධ්‍යස්ථාන සහ යුධ හමුදාව, නාවික හමුදාව වෙත ලබාදී ඇති අතර කොවිඩ් 19 නිවාරණය කිරීමේ ජාතික මධ්‍යස්ථානය මගින් මෙම ප්‍රතිකාරයන් ඇගයීමට ලක්කර තිබේ.
ලංකාපුර වෙද මැදුරේ තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය ඩෙංගු රෝගය සදහා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම තුළින් නව ප්‍රතිකාර ක්‍රම හදුන්වාදී පේටන්ට් බලපත්‍රයද හිමිකරගෙන සිටින වෛද්‍යාචාර්යවරියකි.