මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    යහපාලන සමයේ නව සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිමිකම් පත් ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා සොයන්න පංච පුද්ගල කමිටුවක්

    දෙසැම්බර් 16, 2020

    යහපාලන සමය තුළ දී නව සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිමිකම් පත් ලබා දීමේ දී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර තිබේ.

    දැනට එම අමාත්‍යාංශයේ සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ සාමාජික සංඛ්‍යාව පහකි. 2019 වසරේ දී නව ප්‍රතිලාභීන් හාර ලක්ෂ තිස් තුන් දහස් පන්සිය අනූ හතර දෙනකු එක් කර ගැණුන අතර එහි දී සිදු කළ වියදම් පිළිබඳ ලද පැමිණිලි හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙම කමිටුව පත් කර තිබේ.

    ඒ අනුව ප්‍රතිලාභීන් වෙනුවෙන් හිමිකම් පත්‍ර සහ ගොනු ලක්ෂ හයක් මුද්‍රණය කිරීම, අමාත්‍යවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පණිවිඩ මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන අටකට අධික මුදලක්
    වැය කිරීම, පෝස්ටර් ලක්ෂ හතරක් මුද්‍රණය කිරීම, රුපියල් මිලියන 170ක් වැය කරමින් උත්සවය සඳහා තාවකාලික මඩු ඉදි කිරීම සහ මුද්‍රිත ටී ෂර්ට් ලබා දීම සඳහා රුපියල් කෝටි හයකට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.

    ලබන වසරේ ජනවාරි මස 31 දින හෝ ඊට පෙර අදාළ කමිටු වාර්තාව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත ලබා දීමට නියමිත අතර වාර්තාවේ සඳහන් කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya