මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය පත්වේ

    දෙසැම්බර් 17, 2020

    56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය මහතා පත්වේ.


    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය මහතා (16) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානය - ශ්‍රී ජයවර්ධනපුර පිහිටි තම කාර්යාලය තුළ දී තම වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

    ආදී නාලන්දීයෙකු වන එතුමා සිය පාසල් දිවිය අවසන් කර 1985 ඔක්තෝම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත 1986 ජුලි 24 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව වසර 35කට වැඩි යුද්ධ හමුදා නිකැළැල් සේවයකට හිමිකම් කියනු ලබන ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියෙකි.

    3 වන සංඥා බලකායේ අණදෙන නිලධාරි වශයෙනුත්, 523 වන බලසේනාවේ සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙනුත්, 56 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙනුත් තම දායකත්වය මව්බිම වෙනුවෙන් ලබාදුන් එතුමා අවසන් වශයෙන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක වශයෙන් තම රාජකාරි ඉටු කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya