බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැති මෙම හමුවේ දී මූලික අවධානය යොමුවූයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන්, අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නව ආදායම් උත්පාදන
අවස්ථා ඇතිකිරීම හා ක්ෂුද්‍රමූල්‍ය අංශය පිළිබඳව නව කතිකාවක් ඇති කිරීම සම්බන්ධවයි.
වත්මන් රජයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ හා එහි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවත්, ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහය ලබාදීමට ඇමරිකානු රජය සූදානම් බවත් තානාපතිනිය සඳහන් කළාය.
බොහෝ කුසලතාවන්ගෙන් පිරිපුන් ශ්‍රී ලාංකිකයන්ගේ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් ගෝලීය ආර්ථිකය හමුවේ යම් පසුබෑමකට ලක්ව ඇති බව පෙන්වා දුන් ඔවුන් එම පසුබෑම අවම
කිරීම සඳහා සන්නිවේදන කුසලතා දියුණු කිරීමේ වැඩසටහන්වලට උපදේශනය සැපයීමට ඔවුන් ඉතා කැමැත්තෙන් සිටින බව වැඩිදුරටත් දැන්වීය.