මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    අගමැති කොළඹ රදගුරු හිමිපාණන් බැහැදකී

    දෙසැම්බර් 19, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගෝ හිමිපාණන් අතර හමුවක් 17 පස්වරුවේ කොළඹ රදගුරු කාර්යාලයේදී පැවැත්විණි.

    පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නත්තල් උත්සවය සැමරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

    උත්සව සමයේ කිතුණු බැතිමතුන් හා සියලු ලංකාවාසීන් ආරක්ෂා කර ගනිමින් නත්තල් උත්සවය සැමරීම, පාසල් ආරම්භ කිරීම හා නව ව්‍යවස්ථාව පිළිබඳව කොළඹ රදගුරුහිමිපාණෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළහ.

    කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශය විසින් ලබා දෙන ලද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උදාවන නත්තල සැමරීමට වගබලා ගන්නා මෙන් ජනතාව දැනුවත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී කොළඹ රදගුරු හිමිපාණන්ට සිහිපත් කළේය.

    මෙම අවස්ථාව සඳහා කොළඹ අනුනායක පෙරී බ්‍රොහියර් පියතුමා, කොළඹ ඩියෝ කීසියේ ලේකම් රාජන් ආසිර්වාදම් ඇතුලු පියතුමන්ලා හා අමාත්‍ය ජී.එල්.පීරිස්, නීති නිලධාරී රොහාන් එදිරිසිංහ, අරුන් ගමලත්ගේ මහත්වරු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya