මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාවට ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කරයි

    දෙසැම්බර් 19, 2020

    කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ
    මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ( 18) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය.


    හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යතුමාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා සිටින සියලු හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා ඇදුම් කට්ටල ලබාදීමට නියමිතයි.
    කොව්ඩි 19 වෛරස තත්වය හමුවේ හදිසි මරණ පරීක්ෂකවරුන් සිදු කරනු ලබන අවදානම් සහගත රාජකාරී තත්වය පිළිබදව මෙන්ම ඔවුන් මුහුණ දී සිටින ගැටළු පිළිබදව මෙහිදි අමාත්‍යවරයා සහ හදිසි මරණ පරක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.
    සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධ කර ගැනීම සදහා දත්ත පද්ධතියක් සකස් කිරීම මරණ පරීක්ෂකවරුන් බදවා ගැනීමේදී දැනට පවතින ක්‍රමවේදය තවදුරටත් විධිමත් කිරීම වැනි කරුණු පිළිබදව මෙහිදි අවධානය යොමු විය.
    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ මහතා අධිකරණ අමාත්‍යාංශයේ හා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.
    එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මේ සදහා අනුග්‍රහය දක්වා ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya