සංචාරක ජනතාවගෙන් පිටපළාත්වලට වෛරසය පැතිරීමේ වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ද, ඉහත පරීක්ෂණ කටයුතු පිළිබදව බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත දැනුම් දී තිබෙන බව ද පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්රථවල හා අනෙකුත් වාහන වල ගමන් කරන මගීන්ගේ අපහසුතා ද හදුනාගනිමින් මෙම කටයුතු සිදු කෙරෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශය, කොළඹ හලාවත මාර්ගයේ මීගමුවට ආසන්න ප්‍රදේශය, කොළඹ රත්නපුර මාර්ගයේ කොස්ගම සාලාව ප්‍රදේශය සහ කොළඹ මාතර මාර්ගයේ බේරුවල ප්‍රදේශය මෙම පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු ස්ථාන බවට මේ වන විට හදුනාගෙන ඇත.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධව සිදු කෙරෙන බවත්, අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය වසංගත රෝග නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලරධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි