දශක කීපයක් පුරා රජරට ජනතාව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාව සුවපත් කිරීමේ ජනහිතකාමී වැඩපිළිවෙලක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. රජරට කේන්ද්‍ර කරගෙන පැතිරුණු හේතුව හඳුනානොගත් වකුගඩු රෝගය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා දීර්ගකාලීනව පර්යේෂණයක් සිදු කළේය.
මෙම ප්‍රදේශයේ වෙසෙන ගොවි ජනතාව පානය කිරීමට ගන්නා ජලය බීමට සුදුසු මට්ටමක නොවීමත් එම ජලය පානය කිරීම වකුගඩු රෝගය පැතිරයාමට ප්‍රධාන හේතුව බව සොයාගන්නා ලදී. එම නිසා රජරට ජනතාවට බීමට සුදුසු පානීය ජලය ලබා දීම තම යුතුකම බව තේරුම්ගත් අමාත්‍යවරයා තමා බලයට පත්වීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව නිරෝගිමත් ජනතාවක් කිරීමේ අරමුණින් “නිල් දියවර” ජලව්‍යාපෘතිය යටතේ ජලපවිත්‍රාගාර ඉදිකිරීම සඳහා මුල්විය.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ජලපවිත්‍රාගාරය තෙප්පන්කුලම ප්‍රදේශයේ නාවික හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකළ අතර, එය ලබන වසරේ ජනවාරි මාසයේදී වැඩඅවසන් කර භාරදීමට සැළසුම් කොට තිබුණද ඊට සති දෙකකට පෙර වැඩ නිම කර ජනතාව වෙත පවරා දීමද සුවිශේෂි ජයග්‍රහණයකි. මේ සඳහා ලක්ෂ 19 ක මුදලක් වැය කරන ලදී.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.