"විවිධ පක්ෂ, විවිධ ආණ්ඩු ජනතාව හමුවේ නොයෙක් බලාපොරොත්තු තැබුවා. නමුත් අපේ ආණ්ඩුව ඊට වඩා හාත්පසින් වෙනස් සුවිශේෂි බලාපොරොත්තුවක් ජනතාවට ලබා දුන්නා. පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක් ගොඩනගා ගන්නේ ගන්නේ කෙසේද යන්න කියන එක තමයි ඒ බලාපොරෝතතුව. ඒ වෙනුවෙන් අපි පසුගිය 8 දා මන්නාරම සුළං බලාගාරය ජනතාවට දායාද කරමින් හැරවුම් ලක්ෂයකට සාර්ථක පියවරක් තැබුවා. ඊට අමතරව ශ්‍රී ලංකවේ ඉදිවන පළමු සූර්ය බලාගාර උද්‍යානයට අපි සැලසුම් මේ වනවිට සකස් කරලා තිබෙනවා. අනාගතය වෙනුවෙන් සුරක්ෂිත රටක් හැදීමේ වැඩපිළිවෙලට අතීතයේ පාලකයින් යම් යම් අත්පොත් තැබීම් කර තිබෙන අතර, අපි මේ වනවිට ඒ වෙනුවෙන් සෞභාග්‍යයේ දැක්ම තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් සිටිනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා සේවයට කැපකිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් කඳාන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් ආරම්භ වූ මෙම විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කඳාන ලින්ටන් පාරේ, අංක 253/2 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත. මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩිදියුණු කළ පහසුකම් වලින් සමන්විත වන අතර සේවා බිඳවැටීම් වලට සහභාගී වීම ඉක්මන් ප්‍රතිස්ථාපනය සඳහා දුරස්ථව අධීක්ෂණය කරනු ලැබේ. LECO හි නව හඳුන්වාදීම “LECO Payment Kiosk” ද මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ල 20 kWp සූර්ය වහල ඉහළ පද්ධතියකින් ද නවීන බලශක්ති අධීක්ෂණ පද්ධතියකින් ද සමන්විත වේ. නව සහ පවතින ගනුදෙනුකරුවන්ට LECO සේවා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. මෙම සේවාවට නව සේවා සම්බන්ධතා, ගිණුම් නාම වෙනස් කිරීම, තීරු ගාස්තු වෙනස් කිරීම, මීටර පරීක්ෂාව, ශුද්ධ මීටර සම්බන්ධතා, සේවා වයර් / ධ්‍රැව / මීටර මාරුව ඇතුළු සියලුම පාරිභෝගික සේවා ඉල්ලීම් ඇතුළත් වේ. සමස්ත ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 50 කි. මෙහි විශේෂත්වය වන්නේ පැය 24 සහ දින 365 විවෘත සේවාවකි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,
"අද මේ සිදුවන්නේ අනාගතවාදී කටයුත්තක්. විෂයබාර අමාත්‍යවරයා හැටියට ඉතාමත් ආඩම්බරයෙන් කිවයුතු කාරණාවක් තමයි අතිගරු ජානධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම තුළ ඩිජිටල් ශ්‍රී ලංකාව පිළිබදව දැක්ම රට හමුවේ තැබීම. ඩිජිටල් ශ්‍රී ලංකාවක් හදන්නම්, අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වියයුතුමයි. ලෙකෝ ආයතනය ඒ වෙනුවෙන් මනා මගපෙන්විමක් ලබාදෙනවා. ලෙකෝ පාරිභෝගික සංඛ්‍යාව අද වනවිට පන්ලක්ෂ අසූදහසක් පමණ වෙනවා. බොහෝ ආයතන තම පාරිභෝගිකයන් ගැන වැඩි සැලකිල්ලක් නැහැ. ලෙකෝ ආයතනය ආදර්ශමත් රාජ්‍ය ආයතනයක් විදියට ඒ වෙනුවෙන් සමාජයට නායකත්වයක් ලබාදෙන බව කිවයුතුයි"යැයි පැවසීය.
දේශපාලඥයාගේ භූමිකාව වන්නේ ප්‍රශ්න වලට තිබෙන හේතු ඉවත් කිරීම බව පැවසු අමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්‍රය ඇතුළත තිබෙන ප්‍රශ්න සදහා බලපාන හේතු ඉවත් කිරීම, විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමා බාරගන්නා බවද අවධාරණය කළේය. එසේම පාලකයන් වශයෙන් පාරිභෝගිකයාට අවම මිලක් යටතේ අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සේවාවක් සැපයීම තම වගකීම බව පැවසූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, මේ වනවිට රටක් වශයෙන් අප බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින බැවින්, අපේ අනාගත පැවැත්ම බලශක්තිය බව වටහා ගනිමින්, බලශක්තියට ගරු කරමින්, විදුලිය විනයක් මත පරිහරණය කර සංරක්ෂණය කරගැනීම පාරිභෝගික වගකීම බවත් වැඩිදුරටත් අවධාරණය කලේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති අධිනීතීඥ අතුල ද සිල්වා මහතා සහ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, උප සභාපති නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මෙන්ම ප්‍රාදේශීය මහජන නියෝජිතයන්ද සහභාගී වූහ.