නැගෙනහිර නාවික විධානය දඹුල්ල මූලස්ථාන පොලීසිය හා එක්ව ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක්කර, එහි සූක්‍ෂමව සඟවා ප්‍රවාහනය කරමින් තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍යයක් වන වෝටර් ජෙල් කූරු 175 ක් සමඟ වයස අවුරුදු 34 ක් වන ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. ගල්වැඩපල ආශ්‍රිත කර්මාන්ත සඳහා වාණිජ පුපුරණ ද්‍රව්‍යයක් ලෙස නිකුත් කරනු ලබන මෙම වෝටර්ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය, නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගැනීමට මෙලෙස රැගෙන යන ලදැයි නාවික හමුදාව සැක පල කෙරේ.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කල මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවටගත් පුපුරණ ද්‍රව්‍ය, මෝටර් රථය සහ සැකකරු ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා දඹුල්ල මූලස්ථාන පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.