සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් අම්පාර හුලංනුගේ ප්‍රදේශයේ ඉදිකළ මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින්, හුලංනුගේ විද්‍යාලයේ සිසුන්හට මෙන්ම ප්‍රදේශවාසීන් සඳහා ද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ පහසුකම් සැළසෙනු ඇත.
අභිනවයෙන් ඉදිකරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම ගිණිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ සහ ලාහුගල සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ නිලධාරීන් හා නාවිකයින්, ප්‍රදේශවාසීන් සහ හුලංනුගේ විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක්ද සහභාගීවී සිටියහ.