මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවැති ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධනය කොට නැවත අත්සන් තබයි

    දෙසැම්බර් 21, 2020

    වත්මන් රජය කිසිම විටක රටට අහිතකර ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත්, රටේ ජනතාව ගැන සිතා MCC ගිවිසුම බැහැර කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වු බවත්, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    පසුගිය රජය මෙන් වත්මන් රජය කිසිම විටක වගකීම් විරහිතව කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ජනතාවට පිටුපාමින් රටේ සම්පත් නැති කරමින් රට පාලනය කළ නොහැකි බවත්, වසර 5 කින් පසු අප නැවත ජනතාව ළගට යා යුතු බවත් පැවසූ ඇමතිවරයා, යම් තැනක රටට අහිතකර දෙයක් සිදුවනවා නම් නායකයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කොට එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවැති ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධනය කොට නැවත අත්සන් කිරීමේ අවස්ථාවට දින සහභාගි වෙමිනි. ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙය සිදුකෙරිණි.

    මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා විසින් සිදු කෙරුණි.

    පසුගිය රජය සමයේදී රුපියල් මිලියන 1,200 ක ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස 2,400 ක් ඉදිකිරීම සඳහා ඉන්දියානු රජය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණි. එම ගිවිසුමට අනුව එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 5 ආධාර මුදලක් ලබා දෙන අතර එම ආධාරය හිමිවන්නේ නිවාස ඉදිකිරීමෙන් පසුවයි. මෙම ගිවිසුම තුළ පැවති අඩුපාඩු හේතුවෙන් ජනතාව පත්වු තිබූ අපහසුතාවන්ට කඩිනමින් සහන ලබා දීමේ අරමුණින්   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම මත එය යළි සංශෝධනය කිරීමට තීරණය කෙරුණි. මේ යටතේ ආධාර මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ජනතාවට නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පවතී.

    මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya