මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත වෙයි

    දෙසැම්බර් 22, 2020

    ප්‍රතිසංස්කරණය කළ අනුරාධපුර ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 21 දින සිදු විය.

    ඒ අනුව ජේතවනාරාම පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් හමු වූ සුවිශේෂී පුරා වස්තු අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වනු ඇත.

    කෞතුකාගාරය විවෘත කිරීමට එක් වූ අග්‍රාමාත්‍යතුමා ජේතවනාරාම විහාර භූමියේ සල් පැළයක් රෝපණය කළේය. අනතුරුව ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය ද අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
    මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50 ක මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණ කළ මෙම පුරාවිද්‍යා කෞතුකාගාරයට සමගාමීව අලුතින් සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියට රුපියල් මිලියන 82ක මුදල් ප්‍රතිපාදන යොදවා තිබේ.
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටඹුන් සහ අවශේෂ කොටස් ආරක්ෂා කර ගැනීම ජේතවන කෞතුකාගාරය මඟින් සිදු වන අතර එය ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ දෑතින් නිමවුනු අභිමානවත් නිර්මාණයකි.
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නිර්මාණය වූ මෙම ඵෙතිහාසික වටිනාකමකින් යුත් ව්‍යාපෘතිය සෞභාග්‍යයේ දැක්ම යටතේ අතීත ශ්‍රී ලාංකික ශ්‍රී විභූතිය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මකය.
    අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ හා ජේතවනාරාම විහාරාධිකාරී පූජ්‍ය ශාස්ත්‍රපති ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමියන්ගේ අනාශාසකත්වයෙන්, සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් මෙම කෞතුකාගාරය විවෘත විය.
    මෙම අවස්ථාව සඳහා ජේතවනාරාම විහාරාධිකාරී පූජ්‍ය ශාස්ත්‍රපති ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් හා රුවන්වැලි චෛත්‍යාධිකාරී, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.
    අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.එස්.කුමාරසිරි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්, අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය ගාමිණී අධිකාරී, ජේතවන ව්‍යාපෘති කළමනාකරු ගාමිණී අබේරත්න, මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya