මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

      සංඝමිත්තා සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය අගමැති සුරතින් විවෘත වෙයි

    දෙසැම්බර් 22, 2020

    අනුරාධපුර අරිප්පුව නව සංඝමිත්තාරාම සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 21 දින විවෘත කළේය.


    සිල් මෑණියන් වහන්සේලාගේ ත්‍රිපිටක ධර්ම ඥානය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ මෙම පුහුණු ආයතනයේ දින හතක නේවාසික පුහුණුව සඳහා සිල් මෑණිවරුන් තිස් දෙනකුට පමණ අවස්ථාව හිමි වේ.
    පාඨමාලා අධීක්ෂණය, මෙහෙයවීම හා දේශන කටයුතු අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබති.
    මීට අදාළ සියලුම පහසුකම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සලසා දෙනු ඇත.
    ත්‍රිපිටක අත්වැල හා විද්‍යුත් ත්‍රිපිටක ටැබ් යන්ත්‍ර 30 ක් කඩවල නන්දරතන හිමි හා කොත්මලේ කුමාර කස්සප හිමි විසින් මෙම පුහුණු ආයතනයේ ප්‍රයෝජනය සඳහා අග්‍රාමාත්‍යතුමාට භාර දීම ද මෙහිදී සිදු විය.
    මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුලු මෙහෙණින් වහන්සේලා වැඩම කළ වදාළහ.
    අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.එස්.කුමාරසිරි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්, අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු ඇතුලු පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya