මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ඛනිජ සම්පත් ගවේශණ බලපත්‍ර ලබා ගෙන ඒවා ගවේෂණය නොකරන පුද්ගලයින්ට දී ඇති බලපත් වහාම අහෝසි කරන්න

    දෙසැම්බර් 22, 2020

    ඛනිජ සම්පත් ගවේශණ බලපත්‍ර ලබා ගෙන ඒවා ගවේෂණය නොකරන පුද්ගලයින්ට දී ඇති බලපත් වහාම අහෝසි කරන්නැයි පරිසර අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දෙයි.

    අප රටේ ඉහළ වටිනාකමක් සහිත ඛනිජ සම්පත් වන ග්‍රැෆයිට්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා ගානට් වැනි ඛනිජ සම්පත් ගවේශණයට විවිධ පුද්ගලයින් වෙත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් නිකුත් කර තිබේ.
    එසේ බලපත් නිකුත් කළ ද අදාල පුද්ගලයින් විසින් එම ඛනිජ සම්පත් ගවේෂණයට කිසිදු පියවරක් නොගනිමින් සිටින අතර දැනට ඔවුන් බලපත් ලබා ගෙන ඇති නිසා ඒවා වෙනත් අයෙකුට පැවරීමට නොහැකි වී ඇතැයි එම කාර්යාංශයේ නිලධාරින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට දැනුම් දෙනු ලැබීය.

    මෙම බලපත් ලබා ගත් පුද්ගලයින් විසින් ඒවා විදේශ සමාගම් වලට හා පුද්ගලයින්ට රුපියල් කෝටි ගණනට අලෙවි කිරීමට සුදානම් වීමේ ජාවාරමක් ඇතැයි ද කී අමාත්‍යවරයා ඇතැම් පුද්ගලයින් විවිධ රටවලට ගොස් ව්‍යාපාරිකයින් සමග මේ සම්බන්ධව ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි ද කීය.

    එමනිසා අඩු මිලකට මිල දී ගෙන ඇති එම බලපත් විධිමත් පරිදි ඛනිජ සම්පත් ගවේෂණයට පියවර නොගන්නේ නම් වහාම ඒවා තහනම් කර වෙනත් පුද්ගලයින්ට එම බලපත් පවරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    මේ වනවිට ග්‍රැෆයිට්, සර්කොන්, රූටයිල්, ඉල්මනයිට් හා ගානට් වැනි ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් ඛනිජ සම්පත් ගවේශණයට බලපත් ලබා දී ඇත්තේ වර්ග කිලෝමීටරයක් රුපියල් 5000කටත් අඩු මුදලකට බවත්, මෙම බලපත් ලබා ගත් පුද්ගලයින් ඒවා රුපියල් කෝටි ගණනකට වෙනත් අයට අලෙවි කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා බලපත් ගාස්තුව වැඩි කිරීම මගින් රජයට ලැබිය හැකි ආදායම ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya