මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කිරීම පිළිබඳ දැන්වීම

    දෙසැම්බර් 22, 2020

    ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය එකඟ වූ පරිදි, විදේශ අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළැඹුණු ඒකාබද්ධ තීරණය මත පදනම්ව, 2020 මාර්තු මාසයේ සිට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පටිපාටිය පහත පරිදි සංශෝධනය කෙරේ.

     

    පහත ක්‍රියා පටිපාටිය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

    1. ශ්‍රී ලංකා රජය (විදේශ අමාත්‍යාංශය සහ කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO)) විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා විශේෂ සියරට පැමිණවීමේ ගුවන් ගමන් සංවිධානය කරනු ඇත.

    2. i. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් (ද්විත්ව පුරවැසිභාවය දරන්නන්) හට නම් කරන ලද හෝටලයක දී මුදල් ගෙවා නිරෝධායනය වීමට අනුකූලව, කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ එකඟතාවය/උපදේශනය මත පදනම්ව, සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කරනු ලබන එක් ගුවන් ගමනක් සඳහා වන මගීන්ගේ සීමාවට යටත්ව, විදේශ ලේකම් (හෝ) සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ/සියරට පැමිණවීම සඳහා වෙන් නොවූ ගුවන්ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙනු ලැබේ.

    ii. ඉහත විධිවිධානය යටතේ ගුවන් යානයට නැඟීමට අවසර දෙනු ලබන මගීන් මුදල් ගෙවා නිරෝධායනය වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම අදාළ ගුවන් සමාගමේ සම්පූර්ණ වගකීම වේ.

     

    නව මාර්ගෝපදේශ පිළිබඳව සිදු කෙරෙන වැඩිදුර ඇගයීම් මත පදනම්ව, ශ්‍රී ලංකාවට පැමිණෙන මඟීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කිරීම සමාලෝචනයට භාජනය වනු ඇත.

     

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya