මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කුළුබඩු පිළිබඳ ගවේෂණය කිරීමට තුර්කියේ ව්‍යාපාරිකයන්ට අවස්ථාවක්

    දෙසැම්බර් 22, 2020

    ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව ගවේෂණය කරන්නැයි තුර්කියේ ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාව ආරාධනා කළේය.

    තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ “තුර්කි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව” සමඟ එක්ව කුළුබඩු අංශය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමේ වෙබිනාර් හා ව්‍යාපාරික ජාල සැසියක් 2020 දෙසැම්බර් 16 වැනි දින සංවිධානය කර තිබිණ. එහිදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා විසින් මෙම ආරාධනාව කෙළේය.

     

    “තුර්කි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ” සාමාජික, නෙව්සෙහිර් සඳහා නිර්වේතනික ශ්‍රී ලංකා කොන්සල් සහ සහ ලංකා බැලොනිං (පුද්) සමාගමේ සභාපති මහමුත් උලුවර් මහතා මෙම සැසිවාරයට එක්වෙමින් මෙහදී ශ්‍රී ලංකාවේ සිය අත්දැකීම් බෙදාහදා ගත් අතර, ලංකා කුළුබඩුවල සුවිශේෂත්වය පිළිබඳව විස්තර කළේය.

     

    තුර්කි කුළුබඩු ඇසුරුම්කරුවන්ගේ සංගමයේ (අම්බලජ්ලි බහරත් එරිටිසිලරි ඩර්නෙසි) සභාපති මුස්තාපා අයිඩාන් අකුන් මහතා සැසිවාරය අතරතුරදී අදහස් දක්වමින්, දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා සමාගම් සහ ශ්‍රී ලංකා සංගම් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා දක්වන උනන්දුව පිළිබඳව පැවසීය. මෙම වෙබිනාර් රැස්වීම අතරතුර දී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලාංකික කර්මාන්ත නියෝජිතයන් වන, ඉන්ටර්නැෂනල් කොමෝඩිටි ට්‍රේඩර්ස්/සිල්වර්මිල්ස් සමූහය (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ නන්ද කොහොන මහතා, එච්ඩීඩීඊඑස් එක්ස්ට්‍රෑක්ට්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා සහ සීමාසහිත ඉම්පීරියල් ස්පයිසස් (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රූමේෂ් ජයසූරිය මහතා විසින් ලංකාවේ කුළුබඩු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.

     

    තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දැනට ශ්‍රී ලාංකික සහ තුර්කි සමාගම් අතර තනි ව්‍යාපාරාන්තර රැස්වීම් ලබන සතියේ සිට පැවැත්වීම සඳහා සම්බන්ධීකරණය කරයි.

     

     

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

    අන්කාරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya