මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    COVID-19 රෝගීන් සුවකිරීම සඳහා වර්තමානයේ ප්‍රචලිතව තිබෙන පැණිය සඳහා තවමත් රාජ්‍ය අනුග්‍රහය ලබා දී නැහැ - අමාත්‍ය රමේෂ් පතිරණ

    දෙසැම්බර් 22, 2020

    COVID-19 ව්‍යාප්තිය වැළක්වීම සඳහා දේශීය ඖෂධ නිෂ්පාදන කෙරෙහි ද අවධානය යොමුව තිබෙන නමුත් වත්මනය වන විට සමාජය තුළ ප්‍රචලිතව තිබෙන  පැණියක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත්, ඒ යටතේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් මෙම පැණිය  අනුමත කොට තිබෙන අතර ආචාර ධර්ම කමිටුවක් මඟින් ද අනුමත කිරීම අවශ්‍ය බවත්, ඒ අනුව මෙම පැණිය සඳහා තවමත් රාජ්‍ය අනුග්‍රහය ලබා දී නොමැති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටී.


    ඒ මහතා මේ බව කියා සිටියේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් මේ සම්බන්ධව කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් ලබාදෙමිනි.

    එමෙන්ම, බටහිර වෛද්‍යවරුන් විසින් මෙම පැණිය භාවිතාව දැනට නීතිමය වශයෙන් අනුමත කොට නොමැති බවත්, පුද්ගලයින්ගේ ස්වාධීන කැමැත්තෙන් පැණිය ලබාගැනීම වැළක්විය නොහැකි බවත්, කෙසේවුව ද, දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස හඳුනාගෙන මෙම පැණිය සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් ඒ සදහා විරුද්ධ වීමේ හැකියාවක් රජයට නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    කෙසේවුවත්,   පැණිය අදාළ ආචාර ධර්ම කමිටුව මඟින් ද අනුමත කිරීමෙන් පසුව විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කිරීමට ද බලාපොරොත්තු වන බව ද මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදුව, බටහිර වෛද්‍ය විද්‍යාවය අනුව භාවිතා කිරීමේ දී මෙම පැණිය මඟින් රෝගය නිශ්චිතව සුව වන බවට නිශ්චිත පරික්ෂයක් සිදු කිරීම අවශ්‍ය වන බවත්, එකී පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය මූලික අනුමැතිය මේ වන විට ලබාගනිමින් සිටින බවත්, ඉන් අනතුරුව මෙම පැණිය බටහිර වෛද්‍ය විද්‍යානුකුල ව ද රෝගීන් සුවකළ හැකිවන බවට නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවත්, එතෙක් සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් මෙහි දී ප්‍රකාශ කර සිටියේය.


    ඒ අනුව, මෙම පැණිය පිළිබඳව විස්තර හෙට දිනයේ දී (23) ආචාර ධර්ම කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya