සංචාරක අමාත්‍යවරයා විසින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදුව, වත්මනේ ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීයව පවතින COVID – 19 වෛරස ව්‍යාප්තියත් විශේෂ අවධානයට හා සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් සහ අවවාද මත එම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම මස 26 වැනි දා සිට ජනවාරි මස 19 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට සියල්ල සුදානම් කොට තිබෙන බව ද ප්‍රකාශ කළේය.
එම කාලය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් සහ ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම පිණිස විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කෙරෙන අතර කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපොළවලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ක්‍රියාවලිය සඳහා එකී කාලය තුළ ගාස්තු අයකිරීමක් සිදු නොකෙරෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම, 26 වන දින සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමඟ බ්‍රිතාන්‍යයේ ඇති ව තිබෙන නව කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමඟ විදේශිකයින් මෙරටට ඇතුල් වීමට පෙර සහ මෙරටට ඇතුල් වීමෙන් පසුව PCR පරීක්ෂණ අත්‍යවශ්‍යව සිදු කෙරෙන අතරම PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව රට තුළ කණ්ඩායමක් වශයෙන් සංචාරය කිරීමට පමණක් මෙහි දී අවසර දෙනු ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.