මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින්

    දෙසැම්බර් 22, 2020

    දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.


    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙලට මිලියන 212 ක් වෙන් කොට තිබුණ ද COVID – 19 වසංගතය හේතුවෙන් නිල ඇදුම් බෙදා දීමේ වැඩපිළිවෙලේ යම් කිසි ප්‍රමාදයක් සිදුව තිබෙන බව ඒ මහතා මෙහි දී කියා සිටියේය.
    එමෙන්ම, මෙම නිල ඇදුම් ලබා දීමේ වැඩසටහන දේශීය කර්මාන්තය හරහා මෙලෙස නිල ඇදුම් බෙදා දීමට ඉදිරිපත් වීම නිසා හැකි ඉක්මණින් එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya