එහිදී හඳුනාගත් එක් එක් සංවර්ධන යෝජනා කඩිනමින් අදාළ අමාත්‍යාංශ වෙත යොමු කරන ලෙසත් යෝජනාවල පිටපත් ජනාධිපති කාර්ය සාධක බලකායට සහ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත යොමු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ගමේ ජනතාවගේ ගැටළු ඔවුන් තුළින් ලබාගෙන එකී ග්‍රාමීය සංවර්ධන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් මෙතෙක් විසදී නොමැති කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතා ගැටළු රැසක් 2021 වසරේ විසඳිය හැකි බවට මෙහිදී වීරවංශ මහතා විශ්වාසය පළ කළේය.
එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මේජර් ප්‍රදීප් උදුගොඩ, ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී මහත්මිය ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.