ඉකුත් 11 වැනි දින ලංකා වාණිජ මණ්ඩලය සහ යුක්රේන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ එක්ව “සහයෝගීතාවයේ අපේක්ෂා” නමින් පැවැති මෙම අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම රැස්වීම අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.
තානාපති එම්. ආර්. හසන් මහතා සැසිවාරයේ දී අදහස් දක්වමින්, වර්තමාන නිෂ්පාදන භාණ්ඩ විවිධාංගීකරණය කිරීම සහ ශ්‍රී ලංකාව සහ යුක්රේනය අතර වෙළඳාම හා ආයෝජන සඳහා පහසුකම් සපයන යෝජිත ද්විපාර්ශ්වික ලේඛනවලට අත්සන් තැබීමේ වැදගත්කම අවධාරණය කළේය.
වෙළඳ පරිමාව ඉහළ නැංවීම සඳහා මෙවැනි ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් දෙරටේ නිලධාරීන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස, නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකාවේ යුක්‍රේන තානාපති ඊගෝර් පොලිඛා මැතිතුමා ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.
යුක්රේන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජෙනඩි චිෂිකොව් සහ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක/මහ ලේකම් මංජුල ද සිල්වා යන මහත්වරු සිය අදහස් දැක්වූ අතර, වෙළඳාම, ආයෝජන සහ සංචාරක කටයුතු වැඩි දියුණු කිරීම සඳහා දෙරට අතර නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කළහ.
දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් 75 දෙනෙකුට අධික පිරිසක් මෙම අන්තර්ජාල රැස්වීම සඳහා සහභාගී වූහ. හඳුන්වාදීමේ සැසිවාරයෙන් පසුව ව්‍යාපාර ගැලපීම් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අන්කාරා