සාමාන්‍ය ජනතාවගේ තොරතුරු අනුව ක්‍රියාත්මක වෙමින් බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට හැකිවූ අතර වර්තමානයේ රට තුළ මත්ද්‍රව්‍ය අඩුවීම හේතුවෙන් ඒවායේ මිල සැලකිය යුතු ලෙස ඉහළ යෑමට හේතු වී ඇති බව ඔහු පවසන ලදී.
මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයන ලද රු. මිලියන 59 ක මුදලක් මෑතකදී අත්පත් කරගෙන ඇති බවත්, පාතාලයට එරෙහිව ගෙනයනු ලබන සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතීන බවත්ය.
සිරගෙවල්වල පවතින සීමිත ඉඩප්‍රමාණය සහ කොරෝනා වෛරසය පැතිරයාම පිළිබඳව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, “බන්ධනාගාර වල ඉඩප්‍රමාණය සීමිත වුවත්, අපි පාතාලයට හා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව පටන් ගත් සටන කිසි විටෙකත් නතර කළේ නැත”. යනුවෙනි.
ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ, “මෙම කටයුතුවල ඉදිරියටත් නියැලී සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු ඇත.” යනුවෙනි.