මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    හිඟ විදුලි බිල්පත් වෙනුවෙන් වසරක සහන කාලයක්- ඇමති ඩලස්ගෙන් විදුලිබල මණ්ඩලයට උපදෙසක්

    දෙසැම්බර් 24, 2020

    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් වල හිඟ විදුලිබිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දි තිබේ.

     කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය යටතේ, විදේශීය සංචාරකයන්ගේ මෙරටට පැමිණීම අඩාලවී ඇති අතර දේශීය වශයෙන් ද සංචාරක ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්ව තිබේ. දෙවන කොරෝනා රැල්ලත් සමගින් මෙරට මුහුණ පෑ ආර්ථික පසුබෑමෙන් හෝටල් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් මුහුණදුන් පීඩනකාරී වාතාවරණය පිළිබදව සලකා බලමින්, අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලීය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මෙම උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව මේ වසරේ (2020) හිග විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 වසරේ සැප්තැම්බර් දක්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබාදී තිබූ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කරමින්, 2021 දෙසැම්බර් මස 31 දින දක්වා වසරක සහන කාලසීමාවක් ලබාදී තිබේ. අදාළ වසරක කාලය තුළ සමාන වාරික වලින් හිඟ විදුලි බිල්පත් පියවීමට හෝටල් කර්මාන්තයේ නියැලෙන්නන්හට මෙමගින් අවස්ථාව ලබා දේ.

    දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ හෙට දවස වෙනුවෙන් මෙන්ම, ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ ආර්ථික අසීරුතා පිළිබදව සලකා බලමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත මෙම තීරණය ගත් බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya