මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    තුර්කියේ හා නෙදර්ලන්තයෙන් ලැබෙන සහය විදේශ ඇමති අගයයි

    දෙසැම්බර් 24, 2020

    නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා තුර්කියේ තානාපති ආර්. ඩෙමෙට් සෙකර්සියොග්ල මහත්මිය  22 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමුවිය.

     

    මෙම හමුවීම් අතරතුරදී ශ්‍රී ලංකාව හා මෙම රටවල් අතර පවත්නා සහයෝගීතාවයේ අංශ කිහිපයක් පිළිබඳව සමාලෝචනය කෙරුණි. නෙදර්ලන්ත රජය උතුරු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් වැඩිදියුණු කිරීම සඳහා ලබා දෙන නොමසුරු සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළේය. ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදිකිරීම, ජල පවිත්‍රාගාර, වෘත්තීය පුහුණුව සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් ලැබෙන අඛණ්ඩ ආධාර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ලේඛනාගාරවල ලිපි ලේඛන ඩිජිටල්කරණය සඳහා නෙදර්ලන්තය ලබා දෙන සහාය ද විදේශ අමාත්‍යවරයා අගය කළේය.

     

    ශ්‍රී ලංකාවේ සිට නෙදර්ලන්තය වෙත කෙරෙන අපනයනවල සැලකිය යුතු වර්ධනයක් පවතින බව කළ විදේශ අමාත්‍යවරයා, ආර්ථික සබඳතා සහ සංචාරක කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව පවසා සිටියේය. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සබඳතා, බහුවිධ හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇති බව විදේශ අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

     

    එසේම ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරිය මුණ ගැසුණු අවස්ථාවේ, තුර්කියෙන් කොවිඩ්-19 මර්ධනය සදහා ශ්‍රී ලංකාවට ලබා දෙන නොමසුරු ආධාර අමාත්‍යවරයා අගය කළේය. කොවිඩ්-19 ආශ්‍රිත අභියෝග මධ්‍යයේ වුව ද, තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සතිපතා ගුවන් ගමන් අඛණ්ඩව පවත්වා ගෙන යන අතර, එමඟින් දෙරට අතර සම්බන්ධතාවය ශක්තිමත් වන බව ද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

     

    තවද, වෙළඳ හා ආයෝජන තවදුරටත් ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තර මට්ටමින් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, තුර්කියෙන් පැමිණෙන ඉහළ මට්ටමේ සංචාරයන් සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ ඉදිරි රැස්වීම විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට ලක් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya