ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති ජල මූලාශ්‍ර හඳුනා ගෙන එම ස්ථාන සංරක්ෂණය කරගනිමින් ජල උල්පත් වඩාත් සක්‍රිය කර ගැනීම සඳහා ජල මූලාශ්‍ර ආශ්‍රිතව ජල පෝෂක පැල රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇත.
ඒ යටතේ ජල මූලාශ්‍රයන් ගේ සක්‍රීය භාවය වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ජල පෝෂක ශාකයන් වන මී, කුඹුක් ප්‍රධාන කොටගත් ජල පෝෂක ශාක දස ලක්ෂයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය ''ප්‍රජා හරිත අභිමානී" ජාතික රුක් රෝපණ වැඩසටහන .24 වන දින පෙ.ව 9.41 යෙදුණු සුබ මොහොතින් එකම දින එකම වෙලාවකට ආරම්භ කරන ලදී.
මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන උත්සවය ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් දෙහෙරගොඩ,ගල්පොත්තහේන වැව් තාවුල්ලේ දී සුබ මුහුර්තියෙන් ආරම්භ කරන ලදී. මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජල පෝෂක පැල 50,000 සිටුවීම ප්‍රධාන ස්ථාන දාහතක සහ අවශේෂ ස්ථාන 540 කදී (දෙසැම්බර් 24) රෝපණය කිරීමට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබුණි.
මෙම ජාතික මහෝත්සවයට එක්වෙමින් අදහස් දැක්වු නානායක්කාර මහතා.
ජලය නොමැතිව අපිට හුස්ම ගන්නවත් බෑ ජලය අපගේ ජීවයයි මහපොලොවෙ තෙතමනය රැකුනොත් තමයි ගස්වැල් රෝපණය වෙන්නේ, පවතින්නේ. ශාක මගින් පිටවන ඔක්ෂිජන් වායුව නොමැතිව අපට ජීවයක් කොයින්ද? ඒ නිසා මේ ජල මූලාශ්‍ර රැකගන්න අප සියලු දෙනාම එකාවන්ව එකතුවිය යුතු බව කියා සිටියේය. මානව වර්ගයාගේ, ශිෂ්ටාචාරයේ පදනම ජලයයි මේ සනාතන ධර්මය අභිබවා කටයුතු කිරීමට අපට කිසිසේත් හැකියාවක් නොමැති බවත් එසේ නොමැතිව අපට ජීවයක් නැති බවත් ජල ජලසම්පාදන අමාත්‍යතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා, ප්‍රධාන ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ද, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගම් රක්ෂිත ආශ්‍රිතව ප්‍රජා ජල සංවිධානයන්හි සාමාජිකයන් ද, මෙම අවස්ථාවට සහභාගි විය. ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානී අරුණ විජයරත්න මහතා ප්‍රධාන එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ජාතික රුක් රෝපණ වැඩසටහන සංවිධානය කළේය.