කොවිඩ් ව්‍යාප්තියත් සමග පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික කිතුණු ජනතාව නත්තල සැමරිය යුතු ආකාරය පිළිබදව අගරඳගුරු හිමිපාණන් මෙලෙස සඳහන් කරති.
රජය සහ සෞඛ්‍ය අංශ අපට ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනූව ඉතා චාම් ලෙස මෙම අවස්ථාව ගතකරන ලෙසත්, ඒ අනූව හුදකලා කර නැති ප්‍රදේශ වල වරකට පනහකට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීති රීති වලට අනූව සිදුකිරීමට පියතුමන්ලා හට අවසර දී ඇති බවත් අගරදගුරුතුමන් පවසති.
නත්තල් රාත්‍රියේ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය සඳහා සුළු පිරිසකට පමණක් පවත්වමින් මෙම වැඩපිළිවෙලට සහයෝගය දෙන ලෙස තමා බස්නාහිර පළාතේ ඒනම් කොළඹ අගරදගුරු පදවියේ සිටින කතෝලික පියතුමන්ලා වෙත උපදෙස් ලබාදී ඇති අතරම මධ්‍යම රාත්‍රියේ නත්තල් දේව මෙහෙයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමා සහ තමාගේ සහායක රදගුරුතුමන්ලා විසින් පැවැත්වෙන බව සඳහන් කළහ.
නත්තල් දින උදෑසන දිව්‍ය පූජා නිවෙස් වල සිට සම්බන්ධ විය හැකි බවද අගරදගුරුතුමන් කියා සිටියහ. ඒමෙන්ම මෙවර නත්තල් දිනයේදී ඉතා චාම් ලෙස ආධ්‍යාත්මික පැත්තෙන් බලා කටයුතු කරන ලෙසද, නිවෙස් වල නත්තල් ගස් හා ගවලෙන් ඉදිකරමින් පවුලේ අය පමණක් ඒ වටා ඒක්ව කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියහ.