එහිදී අදහස් පලකළ අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ සංකීර්ණය සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් කඩිනමින් සම්පූර්ණ කර ලබන වසරේ මාර්තු මාසය වන විට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට හා නීතිඥ වරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද සිදු කර දෙන ලෙස නිලධාරීන් වෙත උපදෙස් දෙන ලදී.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීතිඥ සංගම් නියෝජිතයින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද එක්විය.