රොටරි සමාජය ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට ලබාදුන් සහාය අගය කළ යුතුයි - රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීම වෙනුවෙන් එහි ප්‍රමුඛ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇතත් ඒ සදහා ප්‍රජාවගේ සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගයත් අවශ්‍යවන අතර ඒ වෙනුවෙන් රොටරි සමාජය ලබාදුන් සහාය අගය කල යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කොළඹ රොටරි සමාජය සහ ඔස්ට්‍රේලියාවේ ෆ්ලෙමින්ටන් රොටරි සමාජය එක්ව රුපියල් මිලියන 80ක වටිනාකමින් යුත් ICU ඇදන් 114ක් සහ ඒ සදහා අවශ්‍ය මෙට්ට පරිත්‍යාග
කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රොටරි සමාජයේ සාමාජිකයින් හමුවූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය, ලංකාවේ රෝහල් පද්ධතියේ දැඩි සත්කාර ඒකකවල ඇදන් ධාරිතාවය වැඩිකිරීම සදහා කටයුතු කල යුතු අත්‍යාවශ්‍ය මොහොතක රොටරි සමාජය විසින් ලබාදෙන සහයෝගය ඉතා අගය කරන බවයි. කොවිඩ් රෝගය තත්වය හමුවේ ඉදිරියේදී ඇතිවන ඔිනෑම තත්වයකට මුහුණදීමට හැකිවන පරිදි ලංකාවේ සෞඛය පද්ධතිය ශක්තිමත් කල යුතු බවත් ඒ වෙනුවෙන් කොළඹ රොටරි සමාජය සහ ඔස්ට්‍රේලියාවේ ෆ්ලෙමින්ටන් රොටරි සමාජය එක්ව ලබාදෙන ශක්තිය මනා පිටුවහළක් වන බව ඇමතිවරිය විසින් සිහිපත් කළාය.
කොවිඩ් 19 හමුවේ රොටරි සමාජය විසින් ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 200කට ආසන්න පරිත්‍යාගයන් සිදුකොට ඇති බව ශ්‍රී ලංකාවේ රොටරි සමාජයේ 2022-2023 වසර සදහා දිස්ත්‍රික් අධිපතිනිය ලෙස තේරීපත්වී සිටින ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය විසින් මෙහිදී අමාත්‍යවරිය දැනුවත් කළාය. තමන් ප්‍රජා සෞඛ්‍ය වෙනුවෙන් රාජකාරී ඉටුකරන සමයේ පෝලියෝ
ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සදහා රොටරි සමාජය විසින් ලබාදුන් දායකත්වය අමාත්‍යවරිය කෘතවේදීව සිහිපත් කළාය.
ICU ඇදන් ලබාදීමට අමතරව ඉදිරියේදී කොවිඩ් 19 වෙනුවෙන් ගෙන්වන එන්නත් ජනතාව වෙත බෙදාහැරීම සහ එහි සන්නිවේදන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය දක්වන බව රොටරි සමාජයේ නියෝජිතයින් සදහන් කළ අතර ලංකාවේ ගැබ්ගෙළ පිළිකා තුරන් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක් වටීනාපරීක්ෂණ කට්ටල ජනවාරි මසදී පරිත්‍යාග කිරීමට සුදානම් බව අමාත්‍යවරිය හමුවේ සදහන් කරන ලදි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාත්‍යන්තර රොටරි සමාජයේ සිටපු සභාපති කේ.ආර්.රවින්ද්‍රන්, ලංකාවේ වත්මන් රොටරි දිස්ත්‍රික් අධිපති අජිත් වීරසිංහ, 2022-2023 වසර සදහා තේරීපත්වූ රොටරි දිස්ත්‍රික් අධිපති ඉංජිනේරු පුබුදු ද සොයිසා කොළඹ රොටරි සමාජයේ සභාපති නිති මුරුගේෂු යන මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ රොටරි සමාජයේ නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.