ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩසටහනට සමගාමීව “අලුත් රටට අලුත් බෙහෙත්” තේමාව යටතේ රටට අවශ්‍ය ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කළ (SPMC) Flucloxacillin Capsules BP 500 mg (ෆ්ලුක්ලොක්සසිලින්) නව ඖෂධය නිෂ්පාදනය කර බෙදාහැරීම සිදු විය.
මෙම නිෂ්පාදනාගාරයේ (G Zone) නව නිෂ්පාදන අංගනය විවෘත කිරීම මෙයට සමගාමීව සිදු විය.එම නිෂ්පාදනාගාරය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මූල්‍ය දායකත්වය මත පමණක් ගොඩනගා ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මඟින් වසරකට ඖෂධ පෙති හා කරල් මිලියන 03 ක් පමණ නිෂ්පාදනය කරනු ලබන අතර, Flucloxacillin Capsules BP 500 mg (ෆ්ලුක්ලොක්සසිලින්) ඖෂධය නිෂ්පාදනය කිරීමෙන් වසරකට මිලියන 70 ක පමණ මුදලක් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.
මෙම අවස්ථාවට සහභාගි වුණු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
අලුත් දෙයක් කරන්න ගියාම විරෝධතා එනවා.ඒ නිසා අපි බලාගෙන ඉඳලා වැඩක් නැහැ.බිලියන 550 අපි වැය කරලා මෙම ආයතනයේ වැඩ කරගෙන යනවා.මෙම කාලය තුල ඖෂධ නිෂ්පාදනය රුපියල්
බිලියන 1 ½ ක් රටේ මුදල් ඉතුරු කරගන්න හැකි වෙලා තියෙනවා යැයි පැවසුවේය. අද දිනයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, මෙරටේ නිෂ්පාදනය කළ යුතු සෑම දෙයක්ම මේ රට තුළ නිෂ්පාදනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තියයි. අපි එය ඉදිරියට ගෙන යනවා.අපි රුපියල් බිලියන 470 ක් වෙන් කරලා තියෙනවා ඖෂධ නිෂ්පාදනයට. අපේ රට ස්වයංපෝෂණය කළ යුතු සෑම අංශයකින්ම අපි ස්වයංපෝෂණය කරනවා යන්නයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.