ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තනවේදිනියක් ශ්‍රී ලාංකීය නර්තන කලාව තුළ සිටී නම් ඒ අසහාය කාන්තා චරිතය ‘ආචාර්ය වජිරා චිත්‍රසේනය’. නර්තනයේ හපන්කම් දැක්වූ වජිරාවන් වැඩිදුර නර්තනය ප්‍රගුණ කරන්නට චිත්‍රසේනයන්ගේ කාලායතනයට ආවා ය.
ඒ ආ මගෙහි ‘කලාගුරු චිත්‍රසේනයන්ගේ’ ජීවන ගමනට දායකත්වයක් දුන් සහකාරිය වන්නේ ද ඇය යි. වජිරාවන්, ‘කුමුදුනි මුද්‍රා නාට්‍ය'' මඟින් මුද්‍රා නාට්‍ය කලාවට අත්පොත් තබන්නීය. එතැනින් නොනවතින ඇය “නල දමයන්ති, ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, ශිවරංග, බෙර හඬ, හපනා, වන මල්, සහ ඇන්ටිගනි වැනි කලා කෘති තුළින් තම රංග පරිචය මනාව විදහාපාන්නට සමත්විය.
මුද්‍රා නාට්‍ය කලාව තුළ අති විශිෂ්ට නර්තන ලීලාවක් පෑ ඇය, අන්තර්ජාතික වේදිකාව තුළ ද තම නර්තන වින්‍යාසය මොනවට විදහාපාමින් ලාංකීය අභිමානය ඉහළින් ඔසවා තැබූ සුවිශේෂී කාන්තා චරිතයකි.
ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානය හිමි කර ගැනීමට වජිරාවන්ට හැකි වන්නේද ඇයගේ අද්විතීය නර්තන සොබාවය නිසාම ය. ජගත් නර්තන කලාව තුළ ලාංකික අනන්‍යතාව ඉහළින්ම ඔසවා තබා ඇය කළ සේවය ඉතා ප්‍රශංසනීය ය. ලාංකික මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට මූලික අඩිතාලම් දමමින් වර්තමානයේ දී ද දක්ෂ නාට්‍ය පරපුරක් ඇය සහ ඇගේ පරපුර විසින් බිහි කරමින් පවති.