මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ධීවර පනත සංශෝධනය කිරීමට අවධානය යොමුවෙයි

    දෙසැම්බර් 27, 2020

    ධීවර පනත සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    ඒ සම්බන්ධව ඉදිරිපත්ක ළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී තිබේ. 1996 අංක 02 දරණ ධිවර පනත ක්‍රියාවට නැංවීමේදී නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය නිරාකරණය කිරීමට අවශ්‍ය සංශෝධනයන් හා නීතිවිරෝධි ධිවර කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව ගන්නා වු නීතිමය ක්‍රියාමාර්ගයන් ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ නීතිවිරෝධි ධීවර කටයුතු සම්බන්ධයෙන් නීති පනවා කැබිනට් මණ්ඩලය වෙත 2019 ජුලි මස 07 වන දින ඉදිරිපත් කරන ලද සංශෝධන පනතට අනුමැතිය ලබා දී තිබුණද එහි ගැටළුකාරී තත්වයක් ඇති බවත්ය. එබැවින් මෙම පනත සංශෝධනය කිරිමට කටයුතු කරන බවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණ අතර ධීවර පනත සංශෝධනය කර නැවත සකස් කිරීමට නීතිවිශාරදයන්ට මේ වන විටත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya