2020 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් වූ ආගමික වැඩසටහන් මාලාවේ, කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන් හීදී රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සිදු කළ අතර, දෙසැම්බර් මස 08 වන දින මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් අබියස ගිලන්පස බුද්ධ පූජාව පවත්වා දෙසැම්බර් මස 09 වන දින දළඳා සමිඳුන් උදෙසා බුද්ධ පූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය සිදු කරන ලදී. මෙම ආගමික වැඩසටහන් මාලාවේ කැළණිය රජමහා විහාරස්තානයේදී සංවිධානය කරන ලද ධාතු මන්දිර පූජාව නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 24 දින බැති සිතින් යුතුව සිදු කෙරිණි.
මෙම ධාතු මන්දිර පූජා පුන්‍යකර්මය සිදු කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් කපිල සමරවීර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.