මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස
2020 දෙසැම්බර් 08 වන දින රුවන්වැලි මහසෑ පුද බිමේ මෙම 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් ආරම්භ කරන ලදි. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික සමාජ සුභසාධන අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ නිම කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින් රුවන්වැලි මහාසෑරදුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන සැදැහැවත් බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍යරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නාහිමියන්
බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ස්වර්ණමාලි මහසෑරදුන් වැඳපුදා ගැනීමටද කටයුතු කෙරිණි.
පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් පැවති මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා
අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍යරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය
වැඩමවා වදාල අතර, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මිය, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් මහතා, උතුරු
මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.