බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ (31) මේ බව කීය.
තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ මම ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වීමට නම් මම ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මුලින්ම කියන්න ඕනි මෙම ව්‍යාපෘතිය පිළිබඳ මම කිසිම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නෑ. ඒ නිසාම මාගේ පත්‍රිකාවක් ප්‍රථික්ෂේප වෙලත් නෑ. මේ ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ 2019 සැප්තැම්බර් 18 දින කබීර් හසීම් ඇමතිතුමා. ඒ වගේම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාවක් මම කිසිම දිනක ඉදිරිපත් කලේ නෑ. ඒ නිසාම එවැනි පත්‍රිකාවක් ඇමති මණ්ඩලය අත්හිටෙව්වෙත් නෑ. ඒ වගේම කබීර් ඇමතිතුමා ඉදිරිපත් කළ ඇමති මණ්ඩල පත්‍රිකාව අනුව ව්‍යාපෘතියේ වටිනාකම රු බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. දැන් බොරු තුනයි.
මී ළඟට මේ ව්‍යාපෘතිය නවත්වන්න කියා ජනාධිපතිතුමා මට නියෝග කලාලු. ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතිය නැවැත්වීමට නියෝග කරනවා තබා මේ ව්‍යාපෘතිය පිළිබඳ කිසිම දිනක කිසිම දෙයක් මා සමග කතා කරලා නෑ. ඒ වගේම ඇමති මණ්ඩල තීන්දුවක් ජනාධිපති නියෝගයකින් නවත්වන්න බෑ කියා එතුමා හොඳින්ම දන්නවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ ශක්‍යතා අධ්‍යයණ වාර්තාවක් නැතිව. ඉංජිනේරු ඇස්තමේන්තුවක් නැතුව. ඒ නිසා මේ ව්‍යාපෘතියට ඉංජිනේරු ඇස්තමේන්තුවක් සැකසීමටත් ව්‍යාපෘතිය ආයතනය තුලින් කිරීමේ ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කිරීමටත් මම ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයට උපදෙස් දුන්නා. විදේශීය සමාගම් හරහා කුට්ටිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අය කලබල වෙලා මාධ්‍ය හරහා බොරු වපුරන බව මෙයින් පැහැදිලියි.
මේ පිළිබඳ බොරු වාර්තා පල කළ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට සහ මව්රට පුවත්පතට එරෙහිව මම රුපියල් බිලියනය බැගින් ඉල්ලා නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සහ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගි විය.