පෙර වසර වලට වඩා 2020 වර්ෂයේ දී ලොවම මුහුණ දුන් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට විශාල ගැටළු රාශියක් මතුව ඇති මෙවන් අවස්ථාවක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාව, රටේ සියලු ආයතන හා සම්බන්ධ වෙමින් අඛණ්ඩව සිය රාජකාරි පවත්නා බාධක මධ්‍යයේ වුව ද කිසිඳු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට හැකි වූ බවත්, අනෙකුත් මාධ්‍ය ආයතන හා සමඟ ද නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් නවීන තාක්ෂණය ද පෙරට වඩා උපයෝගී කොට ගනිමින් පෙරට වඩා ඉතා කාර්යක්‍ෂම සේවාවක් මෙරට ජනතාවට ලබා දීමට හැකි වීම පිළිබඳව තමන් ඉතාමත් සතුටුවන අතරම ඊට කැප වූ දෙපර්තමන්තුවේ සේවය කරන සමස්ත කාර්යය මණ්ඩලයට තම හදපිරි ස්තුතිය පිරිනමන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
සමස්ත කර්යයමන්ඩලයේ සහභාගිත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ජාතික ධජය ඔසවා ජාතික ගිය ගායනා කොට රාජ්‍ය සේවයේ දිවුරුම කියවීමෙන් අනතුරුව සෙත්පිරිත් සජ්ඣායනාවක් ද උදැසන රාජකාරි ආරම්හ කිරීමට ප්‍රථම පැවතිණි.