නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ජනවාරි 01 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්පැවැත්වූ සමාරම්භක උත්සවයට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් හා සේවකයන් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සියලු දෙනා එකතුවී අභියෝගවලට මුහුණ දී ජයග්‍රහණය කළ යුතු බවයි.
එමෙන්ම ඉතා තීරණාත්මක තත්වයන්වලදී කැපවීමෙන් කටයුතු කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු තම අමාත්‍යංශයට අයත් ආයතනවල සාමාජිකයන් මෙහිදී අමාත්‍යතුමා විසින් අගය කරනු ලැබීය. එහිදී කොවිඩ් තත්වය යටතේ වුවද ඖෂධ බෙදාහැරීම වැනි කටයුතුවලට ක්‍රියාකාරීව එක්වූ තැපැල් දෙපාර්තමේන්තුවටද අමාත්‍යවරයා විශේෂයෙන් ස්තූති කරනු ලැබීය.
අවසන් වශයෙන් නව වසරට සුභපැතුම් එක්කරමින් අමාත්‍යවරයා පැවසුවේ සියලු දෙනාට තම කටයුතු කරගෙන යාමට තමන් දළදා වහන්සේගේ ආශිර්වාදය එක්කරන බවත්, සියලු දෙනාටම තමතමන්ගේ විශ්වාසයන්ට අනුව ඉදිරියට යාමට ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත්ය.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩල සේවකයින් සහභාගී විය.