2021 නව වසරේ අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් අනුස්මරණය කිරීමත්, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව
දීමත් සිදු වු අතර පසුව අධිකරණ අමාත්‍යතුමා විසින් නව වසර වෙනුවෙන් සුභ පැතුම්
එක් කරමින් අදහස් දැක්වීය.
අමාත්‍යවරයා විසින් වසර තුනක් තුළ අධිකරණ ක්ෂේත්‍රයේ ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක පිළිබදව කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.අධිකරණ ක්ෂේත්‍රය වෙනස් කිරීමේ වගකීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරිමේ වැදගත්කම යනාදී කරුණු ගණනාවක් සදහා අඩිතාලම දමා ඇති බවත් ඒ සදහා මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානට යොමු කර ඇති බවද සදහන් කළේය
තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
නව වසරේ මුල් මාසය තුළ ‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණය සදහා මුල්ගල තබන බවත් ව්‍යාපෘති හතරක් වශයෙන් එය ආරම්භ කිරීමට අපේක්ෂා කරන
බවත් පැවසීය.
මෙකී කර්තව්‍යන් ඉටු කරන්නේ අප රටේ අනාගතය වෙනුවෙන් බවත් මෙරට නීති පද්ධතිය 1947 න් පසු නිසි පරිදි යාවත් කාලීන වී නොමැති බවත් නීතිය සැමට එක හා සමාන විය යුතු බවත් සදහන් කළේය.සියලු දෙනා යම් දිනක විශ්‍රාම යන බැවින් යම් සේවයක් කළා යැයි සතුටු විය හැකි ආකාරයට ක්‍රියා කිරීම වැදගත් බවත් ඉදිරි කාලය තුළ ක්‍රමානුකූලව, විද්‍යානුකූලව හා තාක්ෂණයට අනුව කටයුතු කර අවසානයේ සියලු ප්‍රතිලාභයන් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙත ගලා යන ආකාරයට ක්‍රියා කිරිම වැදගත් බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.
මේ සියලු කටයුතු සදහා අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් ‘’සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සදහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සදහන් කළේය. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ .මායාදුන්නෙ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.