පසුගිය වසරේ එම ප්‍රදේශයේ මාදැල් ධීවර කාර්මිකයන් විසින් අමාත්‍ය දේවානන්දා මහතා හමු වී ඔවුන්ට සිදු වී ඇති හානිය පිළිබදව දැනුවත් කිරීමෙන් පසු එම පවුල් 28 සදහා රුපියල් ලක්ෂ 50බැගින් වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදි. එම මුදල් පසුගිය වසරේ පවුල් 23ක් සදහා ලබා දී තිබු අතර තවත් පවුල් 05ක් විසින් ලබා දී තිබු තොරතුරුවල පැවති අඩුපාඩු නිසා හේතුවෙන් එම පවුල් සදහා ගෙවිය යුතුව තිබු වන්දි මුදල් ප්‍රධාන කිරීම සිදු නොකරන ලද අතර එම පවුල් සදහා වන්දි ප්‍රධානය නව වසරේ ධීවර අමාත්‍යාංශයේ ප්‍රථම කාර්ය ලෙස සිදු කරන ලදි.
මෙහිදී අදහස් දක්වමින් කථා කල අමාත්‍ය දේවානන්දා මහතා ධීවර අමාත්‍යාංශය විසින් මෙතෙක් ඉතිහාසයේ ගෙවන ලද වැඩිම වටිනාකමකින් යුක්ත වන්දි ප්‍රධානය මෙය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මෙම කාර්ය සිදු කිරීමට හැකි වීම පිළිබදව තමන් සතුටු වන බවද ප්‍රකාශ කළේය. මෙම රජය විසින් ධීවර ජනතාව වෙත විශාල සහන ප්‍රමාණයක් දැනටමත් ලබා දී ඇති බවත් ඉදිරියේදීද ධීවර ජනතාවගේ ජීවනෝපාය නැංවීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කහවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.