එම නිවේදනයේ මෙසේ ද සඳහන් කර සිටියි.
ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතු බවත් ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද මත පදනම්ව කිසිවිටෙක තීන්දු තීරණ නොගත යුතු බවත් වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බව අමාත්‍යවරිය පෙන්වාදෙයි.
කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබදව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාළාවක් නිකුත් කර ඇති අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල්කාළීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකිය. එවැනි තත්වයන් පිළිබදව අධ්‍යනය
කර තමන් වෙත විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින්, වෛද්‍ය විශේෂඥයින් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමිදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බව තවදුරටත් තහවුරු කර සිටිමු.