අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවට අද (04) එක් වෙමිනි.
එමෙන් ම ජනවාරි 11 දින බස්නාහිර පළාත සහ පිට පළාත්වල හුදකලා කර ඇති පොලිස් වසම් වල පිහිටි පාසල් හැර සෙසු පාසල්වල ප්‍රාථමික පන්ති ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා
පැවසීය. ඒ අනුව ම පෙර පාසල් ආරම්භ කෙරෙන බවද කීය.
මෙම සියලු කටයුතු ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ සිදු කර තිබෙන බව කී අමාත්‍යවරයා, Covid 19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ යටතේ මේ සඳහා වැඩපිළිවෙල
ක්‍රියාත්මක කෙරෙන බවද පැවසීය.
මේ වසරේ ආරම්භ වන්නේ පාසල්වල පළමු වාරය බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ජනවාරි මස පාසලට ළමුන් පැමිණෙන විට ඉහළ පන්තියට දරුවන් උසස් කෙරෙන බවද ඒ සඳහා පාසල්
පෙළ පොත් නිකුත් කෙරෙන බවද පැවසීය.