කොවිඩ් දෙවන රැල්ලෙන් පසුව සෞඛ්‍යාරක්ෂිතව අධිකරණ කටයුතු නැවත ආරම්භ කිරීම සදහා කොළඹ අධිකරණවල රාජකාරියේ නියුතු නීතිඥ මහත්ම මහත්මීන් හා අධිකරණ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක කොවිඩ් උපකරණ කට්ටල බෙදාදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ( 04 ) පෙරවරුවේ කොළඹ දිසා අධිකරණ පරිශ්‍ර යේදී සිදු විණි.
කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් අධිකරණ කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වු අතර නැවත අධිකරණ කටයුතු ආරම්භ කිරීම සදහා අධිකරණයේ සේවය කරන නිතිඥයින් හා අධිකරණ කාර්ය මණ්ඩලය දිරිමත් කිරීම සදහා සනීපාරක්ෂක කොවිඩ් කට්ටල බෙදාදීමට කටයුතු කෙරිණි.
සනීපාරක්ෂක කොවිඩ් කට්ටල බෙදාදීමට පෙර අධිකරණ අමාත්‍යවරයා, කොළඹ දිසා අධිකරණයේ යටිතල පහසුකම් කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අධිකරණ ගොඩනැගිලි වලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු , කාර්යාල , ලේඛනාගාර පහසුකම් සහ වැසිකිලි ඇතුළු අනෙකුත් අවශ්‍ය පහසුකම් සොයා බලා කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යතුමා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අධිකරණයේ කටයුතු කරනු ලබන නීතිඥයින්, අධිකරණ කාර්ය මණ්ඩල සමග සාකච්ඡා කරමින් අවශ්‍ය පහසුකම් පිළිබදව මෙහිදී ගරු අමාත්‍යතුමා විසින් සොයා බැලීය.