මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    යුක්රේන සංචාරකයන් හේතුවෙන් මතු වු තත්වය යලි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි සංචාරක ඇමතිගෙන් උපදෙස්

    ජනවාරි 05, 2021

    යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්වය යලි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි
    සංචාරක ඇමති ප්‍රසන්නගෙන් බලධාරීන්ට උපදෙස්

    යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්වය යලි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දෙයි ඔහු අවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කිරීමේදි නියාමන ව්‍යාපෘතියේ දි ඒ සදහා හදුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වීය යුතු බවයි.

    සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ඊට අදාල ආයතන මේ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළ යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි. සංචාරක නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිලිබද සාකච්ඡා කිරීම සදහා (04) පැවති විශේෂ සාකච්ඡාවකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙම සාකච්ඡාව සදහා කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටු නියෝජිතයන්, සෞඛ්‍ය බලධාරීන්, මෙම යුක්රේන සංචාරය සංවිධානය කරන සංචාරක සංවිධාන, ඔවුන් රැදී සිටින හෝටල් වල නියෝජිතයන් සහ සංචාරකයන්ට නැරඹිමට යාම සදහා නම් කර ඇති ස්ථාන භාර රාජ්‍ය ආයතන බලධාරීන් එක්ව සිටියහ.

    සංචාරක ඇමතිවරයා සමග ඇමති නාමල් රාජපක්ෂ සහ ඩි.වී. චානක යන අමාත්‍යවරුන්ද ඊට එක්වූහ.

    සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් හදුනාගත් ගැටළු පිලිබදව මෙහිදි දිර්ඝ ලෙස අවධාරණය යොමු වූ අතර ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිවේ ජනවාරි මස අගදී ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙවැනි ගැටළු මතු නොවිය යුතු බවයි. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමේ අවශ්‍යතාවද
    ඇමතිවරයා මෙහිදි අවධාරණය කලේය. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ගෝපදේශ සංචාරකයන් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන ආයතනවලට ලබා දීමටත් මෙහිදි තීරණය කෙරිණි.

    මේ වන විට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට PCR පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු සංචාරය සදහා විශේෂ ස්ථාන 12 ක් හදුන්වා දී තිබේ. දලදා මාලිගාව, යාල ජාතික
    වනෝද්‍යානය, මින්නේරිය වනෝද්‍යානය, සීගිරිය, දඹුළු විහාරය, උඩවලව, හෝටන් තැන්න, සිංහරාජ වනාන්තරය, පෙරාදෙණිය උද්භිද උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, තල්මසුන් නැරඹිය හැකි ස්ථාන සහ සලුසල එම ස්ථානයි. එම ස්ථානවලට සංචාරකයන් යාම සම්බන්ධීකරණය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සිදුවිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කලේය. මෙම ස්ථාන වලදි සංචාරකයන් සහ මෙරට ජනතාව සම්බන්ධවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඊට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමටද තීරණය කෙරිණි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya