2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය අද (ජනවාරි 05 ) ආරම්භ වූ අතර එය ලබන 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
විවිධ රීති ප්‍රශ්න මතු කරමින් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකරන ලෙසත් පසුගිය වසරේ නොගැළපෙන වචන පවා භාවිතා කළ අවස්ථාද දැකිය හැකි වූ බවත් පැවසූ කථානායකවරයා
එසේ නොකරන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරන්ගෙන් ඉල්ලා සිටියේය.
පූජ්‍ය අතුරලියේ රතන හිමි 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද පෙරවරුවේදී පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී දිවුරුම් දෙනු ලැබුණි.
පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම මැතිවරණ කොමිසම විසින්
ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.