2015 සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 193ක් විසින් අනුමත කරගත් තිරසාර සංවර්ධනය 2030 න්‍යාය පත්‍රයට සමගාමීව මෙරට තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා ඇති අභියෝග හඳුනාගැනීම සහ අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ එකඟත්වය මත පත්කළ ක්‍රියාකාරී කමිටුවේ නිර්දේශය මත මෙම මෙහෙයුම් කමිටුව පත් කරන ලදී.
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ඉහළ දේශපාලන නායකත්වයක් පැවතීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය තුමන් විසින් පත්කළ ක්‍රියාකාරී කමිටුවේ නිර්දේශය විය. ඒ අනුව මෙම නව මෙහෙයුම් කමිටුව පත් කර ඇත.