දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වසරේ එම වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන බව ද කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා විසින් යොමු කළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
e - තක්සලාව වැනි වැඩසටහන් ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරන බවත් එම වැඩපිළිවෙළවල් තව දුරටත් ඉදිරියට ගෙන යන බව පැවසූ අමාත්‍යවරයා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 න් 200 ම ලබා ගත්තේ ග්‍රාමීය පාසල් වල දරුවන් බවද කීය. එවැනි දරුවන් හඳුනාගනිමින් ඔවුන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.
හැකි ඉක්මනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය පමණක් දරුවන්ට ප්‍රමාණවත් නොවන බව පැහැදිළි කළේය. ඒ අනුව ඉදිරියේදී පියවරෙන් පියවර පාසල් විවෘත කරන බවත් එළඹෙන සඳුදා (11) බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ වල නව පාසල් වාරය ආරම්භ කරන බවත් ,බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියට පමණක් ජනවාරි 25 වැනි දා සිට පාසල් ඇරඹෙන බවද කීය.