පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ස්ථාවර නියෝග 27/2යටතේ 2020-2024 වර්ෂයේ ගෙවිය යුතු ණය ප්‍රමාණය පිළිබඳවඅසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මේ රටට නිවැරදි වැක්සීනය ගෙන්විය යුතු බවත් ඒ පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවයි.
පසුගිය වසර කිහිපය තුළ රුපියලේ අගය හරියාකාරව පවත්වා නොගැනීම හේතුවෙන් මේ වසරේ වැඩිපුර ණය මුදල් ගෙවීමට සිදු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත් වූ විගස රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කළ බවද පැවසීය. 2020 වසරේ අවසන් කාලයේ රුපියලේ අගය යම් පීඩනයකට ලක් වුවද අවසන් දින කිහිපයේදී එය යළි ස්ථායී වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි මාස කිහිපයේදී රුපියලේ අගය සහ ,පොළී අනුපාතය රැකගෙන ඊ ළඟ මාස කිහිපය තුළ ගෙවිය යුතු ණය මුදල් කිසිදු පැහැරහැරීමකින් තොරව ගෙවන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම මුදල ගණනය කිරීමේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර මෙම ණය ලබා ගත් ව්‍යාපෘති පිළිබඳ විස්තර සභාගත කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත්. නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බාහිර හෝ දේශීය ණය කළමණාකරණය කිරීමේදී කරුණු රැසක් සැළකිල්ලට ගන්නා බවත් පොළී අනුපාතය , රුපියලේ අනුපාතය, ආදී කරුණු රැසක් පිළිබඳව අවධානයට ගන්නා බවයි.