සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක් පිළිබඳව අද(05) දින පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සේවකයන් සේවයේ යෙදවිය හැකි අවම වයස අවු 16 දක්වා ඉහළ දැමීම සම්බන්ධ විශේෂ පනත් 04ක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ළමුන් සේවයේ යෙදවිය හැකි අවම වයස මීට පෙර පැවතියේ වයස අවු 14 දක්වායි. ළමා ශ්‍රමය මෙරට තුළ පාවිච්චි කිරීම බින්දුව දක්වා අවම කිරීමේ වගකීමක් රජය සතු බවත් ඒ අනුව මෙම පනත් හතරේම එම වසය් සීමාව වැඩි කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ළමා ශ්‍රමිකයින් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් විශාල කතිකාවතක් ඇති වී ඇති බවත් විවිධ සංවිධාන මේ පිළිබඳ විශේෂ වාර්තා රැසක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සමාජ නැඹුරුවන් , නීති විරෝධී වෙළෙඳාම් වැනි හේතු නිසා අද වන විට ගෝලීය වශයෙන් ගත් කළ මිලියනයක් පමණ ළමුන් වහල් සේවයේ යොදවා ඇති බව සමීක්ෂණය වාර්තා මගින් හෙළි වී තිබේ. මෙමගින් අධ්‍යාපනය, සෞඛ්‍ය ලබා ගැනීම වැනි ළමුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව ලංකාවේ මුළු ළමා ජනගහණයෙන් 1.6%ක් 2016 වන විට 43,714ක් ළමා ශ්‍රමිකයින් පිරිසක් සේවයේ යොදවා ඇති අතර එයින් 1%ක් නීති විරෝධී වෘත්තියන්ගේ යොදවා ඇත. මින් වැඩි පිරිසක් ග්‍රාමීය ප්‍රදේශ වල පදිංචි දරුවන් වන අතර ගම්පහ,කුරුණෑගල සහ මෙණරාගල දිස්ත්‍රික්කයන්ගෙන් ළමුන් බව අනාවරණය වී ඇත. කෘෂිකර්මාන්තය, ධීවර, හෝටල්, ආපනශාලා වැනි ක්ෂේත්‍ර වල මෙම ළමුන් සේවයේ යෙදෙන බව සමීක්ෂණය වලින් හෙළි වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය